රජය ජිනීවා යෝජනාවෙන් ඉවත්වුණාට වැඩක් නෑ! අපි ගහපු ගැටෙන් ලංකාවට ලේසියෙන් බේරෙන්න බෑ! – මංගල

March 2, 2020 at 8:53 am | by emanisa.lk

එජාගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාවේ සම අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් වුවද, මානව හිමිකම් කවුන්සිලය සම්මත කරන ලද ජනවරම අවලංගු වන්නේ නැති බව නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර පවසයි.

යෝජනාවෙන් පසුබැසීම තුළින් අපේ රටේ ජනතාවට සහ ලෝකයේ අපගේ හවුල්කරුවන්ට ඉතා පැහැදිලි සංඥාවක් නිකුත් වූ බවත් එම පණිවුඩය නම් ශ්‍රී ලංකාව ප්‍රතිසන්ධානය, වගවීම හෝ ප්‍රජාතන්ත්‍රවාදය ගැන සැලකිලිමත් නොවන බවත් එය අපේ ජාතියේ ප්‍රගතියේ අඩිතාලම සාදන ආයතන විසුරුවා හැරීම, දිනාගත් ප්‍රජාවන් සහ රටවල් අතර විශ්වාසය ආපසු හැරවීම පෙන්නුම් කරන බවත් ඒ මහතා සිය නිවේදනයේ දක්වා ඇත.

30/1 යෝජනාවේ සම අනුග්‍රාහකත්වයෙන් සහ 30/1 (එනම් 34/1 සහ 40/1) දීර්ඝ කරන ලද යෝජනාවලින් ශ්‍රී ලංකාව ඉවත්ව ගියද, සම්මත කරන ලද යෝජනාවල ජනවරමෙන් මානව හිමිකම් කවුන්සිලය ඉවත්ව යන්නේ නැත. මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය 40/1 යෝජනාවේ විධිවිධානවලට බැඳී සිටින අතර ශ්‍රී ලංකාව සහයෝගය නොදැක්වුවද, 2015 ට පෙර කවුන්සිලය කළාක් මෙන් එය දිගටම සභාවට වාර්තා කිරීමට සිදුවනු ඇත. ශ්‍රී ලංකාවේ සහයෝගය නොමැතිව කවුන්සිලය දිගටම ක්‍රියා කළ හැකි යැයි ද එහි දැක්වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස