රජය කොරෝනා ආසාදිත දත්ත සඟවලා…! ආසාදිතයින් 5000ක් ගැන තොරතුරු නෑ….! – රවී කුමුදේශ්…

February 12, 2021 at 8:49 am | by emanisa.lk

මෙරට වෛද්‍ය රසායනාගාර සේවාවෙහි දත්ත සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කොවිඩ් ආසාදිතයින් පිළිබඳ ඉදිරිපත් කරන නිල සංඛ්‍යා ලේඛන අතර බරපතළ වෙනසක් ඇති බවත් කොවිඩ් ආසාදිතයින් 4500කට අධික ප්‍රමාණයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට මගහැරී ඇති බවත් වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසයි.

රවී කුමුදේශ් මහතා මේ බව පැවසුවේ ඊයේ (11) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

“අද (11) වෙනකොට රසායනාගාර සේවාවේ දත්තවලට අනුව පළමු වරට කොවිඩ් ආසාදිතයින් වශයෙන් හඳුනාගත් ආසාදිතයින් 76728ක් ඉන්නවා. නමුත් ඊයෙ දවස වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කරපු දත්ත අනුව අපේ රටේ රෝගීන් හඳුනාගෙන තියෙන්නෙ 72174 යි. ඒ අනුව 4554ක රෝගීන් ප්‍රමාණයක් මගහැරිලා තියෙනවා.

5000කට ආසන්න රෝගීන් ප්‍රමාණයක් ආගිය අතක් නෑ වගේ තත්වයක් තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළ මේ දත්ත දෙකෙන් පෙන්නුම් කරන්නෙ. මේ 5000ට මොකද වුණේ ?”

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *