රජයේ සංවර්ධන ව්‍යාපෘති රටට කියන්න කටක්…! හඩ්සන් සමරසිංහ ගුවන්විදුලි සභාපති පුටුවට…!

June 26, 2021 at 12:59 pm | by emanisa.lk

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ධූරය සඳහා හඩ්සන් සමරසිංහ පත් කරනු ඇතැයි එම සංස්ථාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.

රජයේ සංවර්ධන ව්‍යාපෘති ගැන මහ ජනතාව දැනුම්වත් කිරීම වේගවත් කිරීමේ සහ ගුවන් විදුලි සංස්ථාව මුහුණ දී ඇති මූල්‍ය සහ පරිපාලන දුර්වලතා අවම කර ගැනීමේ අපේක්ෂාවෙන් එම පත් කිරීම සිදු කරනු ඇති බව වාර්තා වෙයි.

ජනාධිපතිවරයා ගුවන් විදුලි සංස්ථාව භාර ගන්නා ලෙස ආරාධන කළහොත් ඒ සඳහා සූදානම් බවත් එසේ නොමැතිව එම කාර්ය භාර නොගන්නා බවත් හඩ්සන් සමරසිංහ පවසයි.

හඩ්සන් සමරසිංහ මේ වන විට වී FM නාළිකාවේ සිද්ධමුල්ල කාලීන දේශපාලන වැඩසටහන සිදුකරයි. ඔහු මහින්ද රාජපක්ෂ පාලන සමයේ දී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති ධූරය දැරුවේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *