රජයේ වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාරයක් එල්ල කළ කතාව බොරු…! බොරු කී පුද්ගලයාට එරෙහිව නීතිමය පියවර…!

June 4, 2021 at 5:19 pm | by emanisa.lk

රජයේ වෙබ් අඩවි වෙත කිසිදු සයිබර් ප්‍රහාරයක් එල්ල වී නොමැති බව තහවුරු වී තිබේ.

මෙම ව්‍යාජ තොරතුර බෙදාහරිනු ලැබූ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජිව් යසිරු කුරුවිටගේ මැතිව් ශ්‍රී ලංකා පොලිසියේ පරිගණක අපරාධ ඒකකයට කැඳවා ප්‍රශ්න කිරීමට නියමිත ය.

ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රජයේ වෙබ් අඩවි කිහිපයකට ම හැකර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය අද පෙරවරුවේ නිවේදනය කළේ ය.

ජනාධිපති ලේකම් කාර්යාලය, විදේශ අමාත්‍යාංශය, වෛද්‍ය පර්යේෂණ ආයතනය, මිනින්දෝරු දෙපාර්තමේන්තුව, පවුල් සෞඛ්‍ය කාර්යාංශය, වයඹ පළාත් කළමනාකරණ සංවර්ධන හා පුහුණු ඒකකය යන වෙබ් අඩවිවලට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව එම සංගමය නිවේදනයේ සඳහන් විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *