රජයේ විශ්වවිද්‍යාවල ළමයි උද්ඝෝෂණ නවකවද එක්ක නිකන් වයසට යනවා…! පෞද්ගලික විශ්වවිද්‍යාල තිබ්බා නම් දරුවන්ට ඉක්මනට උපාධි ගන්න පුළුවන්…!

August 2, 2021 at 9:27 am | by emanisa.lk

රජයේ විශ්වවිද්‍යාලවලින් උපාධි ලබා ගැනීමට දීර්ඝ කාලයක් ගතවන බැවින් පුද්ගලික විශ්වවිද්‍යාල ඇත්නම් මෙරට මධ්‍යම පාන්තිකයින්ට මුදල් ගෙවා තමන්ගේ දරුවන්ගේ අනාගතය ඉක්මනින්ම ගොඩනැඟීමට හැකියාව ලැබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් පවසයි.

“අපි දන්නවා විශ්වවිද්‍යාල ගියාම අවුරුදු හය හතක් විශ්වවිද්‍යාලෙ අර උද්ඝෝෂණවලටයි නවකවදවලටයි ඒ අයගෙ වයස යනවා විතරයි. කවදාහරි උපාධිය ගන්න කොට ඒ අය වයසට ගිහිල්ලා.

හැබැයි පුද්ගලික විශ්වවිද්‍යාල තියෙනවා නම් පැහැදිලිව ම මේ රටේ මධ්‍යම පාන්තිකයන්ට මුදලක් ගෙවලා ඒ දරුවන්ගේ අනාගතය ඉක්මනින් ඒ අයට ගොඩනගන්න පුළුවන්කම තියෙනවා.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට යටත්ව තමයි සියලුම පුද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ.”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මේ බව පැවසුවේ ඊයේ (01) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස