රට ම මහා මූල්‍ය අර්බුදයක…! රජයේ නිවාඩු නිකේතන දේශපාලන හෙන්චයියන්ට කුණුකොල්ලයට…!

June 15, 2022 at 11:41 am | by emanisa.lk

නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පවතින නිවාඩු නිකේතන දේශපාලන හිතවත්කම් මත ලබා ගන්නා අතර ඒවා නිසියාකාරව නඩත්තු නොකිරීම නිසා අබලන්ව ඇතැයි කෝප් කමිටුව හමුවේ අනාවරණය වී තිබේ.

මේ පිළිබඳව පසුගිය (07) දා කෝප් කමිටුවේ දී අවධානය යොමුව තිබේ.

එහිදී පැමිණ සිටි මන්ත්‍රිවරු පවසා ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරිය යටතේ සෑම දිස්ත්‍රික්කයකම පවතින නිවාඩු නිකේතන පිහිටා තිබෙන්නේ එම දිස්ත්‍රික්කයේ දර්ශනීයම ස්ථානයක බවයි. මේ නිසා ටෙන්ඩර් ලබාදීමේදී රාජ්‍ය ආදායම වැඩි කරගැනීමට කටයුතු කළ යුතු බව ඔවුන් පෙන්වා ඇත.

තවද 2011 වර්ෂයේ පිහිටවූ රෙස්ට් හවුස් සමාගමට අදාළ මෙම නිවාඩු නිකේතනවලට ක්‍රියාකාරීත්වය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. මේ අනුව කෝප් සභාපතිවරයා නිර්දේශ කළේ මෙම නිවාඩු නිකේතන අලුත්වැඩියා කිරීම පිළිබඳවද සැලසුමක් ඇතුළත්කොට මේ පිළිබඳ මාසයක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *