රජයේ තීින්දු තීරණ ලොකු කුඩා සියලු නිලධාරීන් දතයුතුයි! නැත්නම් රාජ්‍ය සේවය කාර්යක්ෂමතාව නම්වන්න බෑ! – ජනපති

January 1, 2020 at 5:45 pm | by emanisa.lk

රාජ්‍ය ආයතන ප‍්‍රධානීන් හා අමාත්‍යංශ ලේකම්වරුන් වෙත නිකුත් කරනු ලබන චක‍්‍රලේඛ සහ රජයේ සියලුම තීන්දු තීරණ පිළිබදව ඉහළම නිලධාරීන් මෙන්ම සාමාන්‍ය නිළධාරීන් හා සේවකයන්ද අනිවාර්යයෙන්ම දැනුම්වත්ව සිටිය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ අමාත්‍යංශ ලේකම්වරුන්ට හා ආයතන ප‍්‍රධානීන් වෙත දැනුම් දී තිබේ.

ජනාධිපතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය ගනු ලබන ඇතැම් තීන්දු තීරණ පිළිබඳව ඉහළ මට්ටමේ නිලධාරීන් දැනුම්වත්ව සිටියද සාමාන්‍ය නිලධාරීන් හා සේවකයන් දැනුම්වත්ව නොසිටීමෙන් ඇතිව තිබෙන ගැටලු පිළිබදව අවධානය යොමුකරමින් ජනාධිපතිවරයා මෙම දැනුම් දීම කර තිබේ.

රාජ්‍ය සේවයේ කාර්යක්‍ෂමතාව වර්ධනය කර චංචාව හා දූෂණය වැළැක්වීමට නම් රජයේ තීන්දු තීරණ හා චක‍්‍රලේඛ පිළිබදව ඉහළම නිලධාරීන් මෙන්ම සාමාන්‍ය සේවකයන්ද නිවරදි අවබෝධයකින් පසුවිය යුතු බවට ජනාධිපතිවරයා අමාත්‍යංශ ලේකම්වරුන්ට හා ආයතන ප‍්‍රධානීන් වෙත දැනුම් දී ඇත.

තම පාලන කාලය තුළදී කාර්යක්‍ෂම හා මානව හිතවාදී රාජ්‍ය සේවාවක් පවත්වා ගැනීමට ජනාධිපතිවරයා ආරම්භ කර තිබෙන වැඩ පිළිවෙළ අනුව මෙම දැනුම්දීම කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස