රජයේ ගබඩා පාළුවට යයි… ඩඩ්ලිලා වැඩි මිලට වී ගනී…!

February 6, 2025 at 1:37 pm | by emanisa.lk

වී මිලදී ගැනීම සඳහා අද (06) සිට තොග ගබඩා විවෘත කරන බව වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද පවසයි.

ඒ අනුව මේ වන විට ගොයම් කැපෙන ප්‍රදේශවන කිලිනොච්චි, මඩකලපුව, අම්පාර, කුරුණෑගල, පුත්තලම යන ප්‍රදේශවල තොග ගබඩා විවෘත කොට ඇති අතර ඒ සඳහා මහ භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 05ක් වෙන්කර තිබේ.

ඊයේ (05) රජය විසින් නාඩු වී කිලෝවක් රුපියල් 120 කටත් සම්බා වී කිලෝවක් රුපියල් 125 කටත් කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132 කටත් මිලදී ගන්නා බව ප්‍රකාශ කළේය.

කෙසේ වුව ද ඩඩ්ලි සිරිසේන ඇතුළු සහල් ව්‍යාපාරිකයන් රජයේ මිලට වඩා රු. 5 බැගින් ගෙවා ගොවීන්ගෙන් මේ වන විට වී මිල දී ගැනීම ආරම්භ කර ඇති අතර රජයේ ගබඩාවලට මෙතෙක් ගොවීන් වී රැගෙන ආ බවට වාර්තා නොවෙයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *