රක්නා ලංකා ආයුධ අල් කයිඩා IS කල්ලි අතට ගියා! මේ ජාවාරම පිටුපස ෆයිසර් මුස්තාපා ඉන්නවා! – නිශ්ශංක සේනාධිපති

July 13, 2019 at 10:04 am | by emanisa.lk

රක්නා ලංකා මෙහෙයුම් සිය ඇවන්ගාර්ඩ් ආයතනය වෙත භාරදීමට පෙර ආයතන 25ක් ඔස්සේ විදෙස් රටවලට ගෙන ගිය අවිවලින් 14 ක් අදටත් අස්ථානගතව ඇති බව ඇවන්ගාඩ් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති පවසයි.

මේ ආකාරයට ආයුධ 178ක් අස්ථානගත වී නිසා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ලංකාව බ්ලැක් ලිස්ට් කිරීමට සූදානම් වූ බවත් එවිට තමන් මැදිහත් වී ඉන් 160කට අධික ආයුධ ප්‍රමාණයක් නැවත ගෙන ආ බවත් ඔහු සඳහන් කරයි.

තමන්ට ලැබී ඇති තොරතුරු අනුව එම අවි අයි එස් සහ අල් කයිඩා සංවිධානවලට ලැබී ඇති බවත් මෙම ආයුධ ජාවාරම පිටුපස ඇමතිවරයකු වූ ෆයිසර් මුස්තාපා සිටි බවට තමන් සතුව සාක්ෂි ඇති බවත් පැවසූ නිශ්ශංක සේනාධිපති ඔවුන් තමන්ට එරෙහිව කටයුතු කරන්නේ ඒ නිසා බව ද අනාවරණය කළේය.

සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබන අතර ඔහු මෙම හෙළිදරව්ව කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *