රංජන් – හර්ෂණ සෙල්ෆිය පාරාවළල්ලක් වෙයි….! මන්ත්‍රී වරප්‍රසාදයටත් තට්ටු වෙයි…!

March 10, 2021 at 4:25 pm | by emanisa.lk

මන්ත්‍රි වරප්‍රසාද යටතේ රැඳවියන් බැලීමට බන්ධනාගාර තුළට පැමිණෙන සියලු දේශපාලනඥයින් පරීක්ෂාවට ලක් කිරීම සඳහා කතානායකවරයාගේ විශේෂ අවසර ලබා ගැනීමට ඉදිරියේ කටයුතු කරන බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලිඛිතව දැනුම්වත් කර ලේකම්වරයා මාර්ගයෙන් කතානායකවරයා දැනුම්වත් කරන බව ද බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.

රැඳවියකු බැලීමට බන්ධනාගාර වෙත පැමිණෙන මන්ත්‍රීවරුන් බන්ධනාගාර ආඥාපනතට අනුව මන්ත්‍රි වරප්‍රසාද යටතේ කිසිදු පරීක්ෂාවකට ලක් නොකරන බවද එම ආරංචි මාර්ග කියයි.

ජාතික සමගි බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා පසුගියදා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රංජින් රාමනායක බැලීමට අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට ගොස් සෙල්ෆි ඡායාරූපයක් ගෙන සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමේ සිද්ධියෙන් පසු මෙම පියවර ගැනීමට තීරණය කළ බව ද බන්ධනාගාර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම සිද්ධියෙන් අනතුරුව අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයාගේ වැඩතහනම් කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *