රංජන් බුද්ධික ඇමති තනතුරු අනතුරේ!

February 21, 2019 at 7:17 am | by admin

රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකට සහ නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණට සිය අමාත්‍ය ධුර අහිමි වීමේ තත්ත්වයක් නිර්මාණය වී තිබේ. ඒ පසුගිය සමයේ ඔවුන් දෙදෙනා සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශ නිසාය.

රංජන් රාමනායක මැති ඇමතිවරු 24 දෙනෙක් කොකේන් පානය කරන බව ප්‍රකාශ කළ අතර බුද්ධික පතිරණ ආනයනික කිරිපිටිවල ඌරු තෙල්, කටුපොල් තෙල් සහ මෙලමයින් අඩංගු යැයි නැඟෙන චෝදනා පිිළිබඳ විධිමත් පර්යේෂණයක් ඉල්ලා සිටියේය.

එජාප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී ඔවුන්ගේ ප්‍රකාශ නිසා ආණ්ඩුව අපහසුතාවට පත්වීම පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ. එහි දී මැති ඇමතිවරුන් වන රවී කරුණානායක, සාගල රත්නායක, සරත් ෆොන්සේකා, තලතා අතුකෝරළ, හරීන් ප්‍රනාන්දු, සිඩ්නි ජයරත්න ආදීන් ඔවුන් දෙදෙනාගේ ක්‍රියාකලාපය විවේචනය කර තිබේ.

අමාත්‍ය රහූෆ් හකීම් පවසා ඇත්තේ විනය කමිටු නිර්දේශ ලැබෙන තුරු නොසිට මොවුන් දෙදෙනාගේ අමාත්‍ය ධුර වහාම අහෝසි කළ යුතු බවය. ඒ සඳහා බොහෝ දෙනෙකුගේ කැමැත්ත ලැබිණි.

මේ අතර බුද්ධික පතිරණ නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ පාරිභෝගික කටයුතු අධිකාරිය තමන්ගෙන් ඉවත් කර වෙනත් ඇමති ධුරයකට තමා උසස් කළ ද ඒ කිසිවක් තමා භාර නොගන්නා බවත් සුපුරුදු පසුපෙළ මන්ත්‍රී අසුනකට යාමට සූදානම් බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *