රංජන් පක්ෂයට ගෙන ආ අයත් මේවාට වගකිව යුතුයි! – තෙවරප්පෙරුම

January 13, 2020 at 9:25 am | by emanisa.lk

‘හඬ පට’ සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින හිටපු නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක පමණක් නොව ඔහු දේශපාලනයට ගෙනා උදවියත් අද වගකිව යුතුව ඇතැයි හිටපු නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම පවසයි.

රන්ජන් සිනමාවේ වැඩ කරමින් සිටියේ නම් අද මෙවැනි චෝදනා ඔහුට එල්ල නොවන බවද පැවසූ මන්ත්‍රීවරයා ඔහු එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත් කිරීමට පියවර ගතහොත් එම තීරණයට තමා අත ඔසවන්නේ නැතැයිද කීවේය.

රන්ජන් රාමනායක බලපත‍්‍ර නැතිව පිස්තෝලයක් ළඟ තබා ගැනීමේ වරදට අත්අඩංගුවට ගත් මොහොතේ තමා එම ස්ථානයට ගියේ ඔහු පක්‍ෂය වෙනුවෙන් කළ කැපවීම ගැන සිතා බවත් හඬපට සිද්ධිය දැන ගත්තේ පසුව බවත් පැවසූ මන්ත්‍රීවරයා රන්ජන් රාමනායක පක්‍ෂයෙන් ඉවත් කළහොත් ඔහුට යන එන මං නැතිවනු ඇතැයි ද පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස