රංජන් උත්සාහ කරන්නේ බෞද්ධ කතෝලික ගැටුමක් හදන්නයි! ඒ උගුලට හසුවෙන්න එපා! – මධුමාධව

July 17, 2019 at 3:00 pm | by emanisa.lk

රංජන් රාමනායක භික්ෂූන් වහන්සේලාට අපහාස කරන්නේ බෞද්ධ කතෝලික ගැටුමක් නිර්මාණය කිරීමේ කොන්ත්‍රාත්තුව අනුව බවත් ඊට හසු නොවන ලෙසත් පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද පවසයි. එම පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක දී (15) ඔහු වැඩි දුරටත් මෙසේ පැවසීය.

අපි දකිනවා ඇතැම් රටවල් තමන්ගේ ජාතියට ආගමට විරුද්ධව කතා කළොත් ඔවුන්ට දැඩි දඬුවම් ලබා දෙනවා. එය හරි හෝ වැරදි එවැනි රටවල දී අප පවා අපේ කටවල් පරිස්සම් කරගන්නවා ඒ නීති වලට හිස නමලා. නමුත් මේ ලංකාවේ දී රන්ජන් රාමනායක නැත්නම් වන්ශොට් කොන්ත්‍රාත්කරුවෙකු වශයෙන් මෙන්න ආයෙත් වැඩ පටන් අරගෙන තියෙනවා. සමනල කාණ්ඩයේ මංගල සමරවීර පටන් ගත්තා මේක සිංහල බෞද්ධ රටක් නොවෙයි කියන්නට. මොකෙක්වත් මේක ගණන් ගත්තෙ නෑ. මොකද සතා මොකාද කියා කවුරුත් අඳුරනවා. රංජන් රාමනායක භික්ෂූන් වහන්සේලාට අපහාස කරමින් මේ කරන්නෙත් කොන්ත්‍රාත්තුවක්. මේකට හසුවෙන්න එපා.

කතාවක් තියෙනවා මෝඩයා තනි කරන්න කියලා. කාදිනල් උතුමාණන් පාස්කු ප්‍රහාරයෙන් පසුව රටට ආදරේ ප්‍රකාශ පණිවුඩ නිකුත් කරද්දී කතෝලික බලවේගයන් අන්තවාදී වහබ්වාදය දිහා විමසිල්ලෙන් බලන්නට ගත්තා. මෙය නවත්වන්නට ගෙනා කොන්ත්‍රාත්කරුවා වන රන්ජන් රාමනායක හිතනවා ඔහු ස්වාමීන්වහන්සේලාට කැත විදිහට කතා කළාම අප ජේසුස් වහන්සේට උත්තර දෙයි කියලා. අප කතෝලිකයන්ට උත්තර දෙයි කියලා.

මේ කොන්ත්‍රාත්තුවට ඔබ අසුවන්නට එපා. මේ බාලයාට මෝඩයාට නූගතාට තනිවෙන්නට ඉඩ දුන්නාම ඔහු අපොස උසස් පෙළ විභාගය ලියන්න නොවෙයි ශිෂ්‍යත්ව විභාගය ලියන්න පවා පොළඹවන්නට පුළුවන්. මොකද මොළය වර්ධනය වෙලා නොමැති බව තේරෙන්නේ තනිවුණාට පස්සේ. ඒ නිසා අප ඔබෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ඔහුට උත්තර බඳින්නට ලෑස්ති වන්නට එපා. මොකද ඔහුට අවශ්‍ය අප කුපිත කරවා ගන්න. කුපිත වන්නට එපා. මොකද ඔහු තවත් එක් මිනිසෙක් මිසක් ඔහු තවත් එක් ප්‍රජාවක් නියෝජනය කරන්නෙක් නොවන බව ඉතා පැහැදිලිව මතක් කරන්නට අවශ්‍යයි.

අපි හැමදාමත් කිව්වේ සියලු දෙනා එක ලෙස හැමෝටම සම ලෙස නීතියක් රීතියක් ධර්මයක් තියෙන්නට ඕනේ මේ රටේ කියන එකයි. දැන් මුස්ලිම් මන්ත්‍රිවරුන් අමාත්‍යවරුන් කල්පනා කරනවා 13න් විවාහ වියයුතු නැහැ මුස්ලිම් දැරිවියන් එය 18 දක්වා වෙනස් විය යුතුයි කියලා. ඒ වගේම කාති උසාවිවල කාන්තා නියෝජනය ද තිබිය යුතුයි යනාදී වශයෙන් කිසියම් වෙනස්වීමේ හැඩයක් අප දැන් දකිනවා. සියලු දෙනා සම ලෙස සලකන්න කියන පේලි කුරාණයේ තියෙනවා. අපි ඔවුන්ට කියනවා වෙනස් කළ නොහැකි සාධක නොමැති බව පිළිගත්තාට ඔබට ස්තූතියි කියලා. අරාබියෙන් එන පණිවුඩය වෙනස් විය යුතු බව ඔවුන් පිළිගැනීම සුබ ලකුණක්.

අප එදා කිවුවහම පිස්සු බල්ලෙක් ඉන්නවා කියලා මුස්ලිම් මන්ත්‍රිවරු සියලුදෙනාම ගිහින් ඒ පිස්සු බල්ලා වටේ හිටගත්තා. අප පැවසුවා එහෙම කරන්නට එපා කියලා. ‍ත්‍රස්තවාදියෙක් නැතහොත් ත්‍රස්තවාදයට අනුබල දෙන්නෙක් වශයෙන් කිසිවෙකු සැක කළහම සියලු දෙනාම ඔහු වෙනුවෙන් අස්වීම වරදක් කියලා අප එදා කිව්වා. එදා ඔවුන් කිව්වේ අපේ සමගිය කියලයි. නමුත් අද අපි දකිනවා ඒ සමගියේ තරම. ඒවා සෝඩා බෝතල් සමගිය. නමුත් අද අපේ සමගිය විසින් පොළඹවා තිබෙනවා ඔවුන්ට වෙනස් වෙන්නට. මොකද අපි සමගි වන්නේ පෙනෙන්නට නොවේ. අප සමගි වන්නේ ඇමතිධූර මන්ත්‍රිධූර ගන්නත් නොවෙයි. අපි එකතු වුණේ ජාතියක් විදිහටයි.

ඒ නිසා අපි හිතනවා මේ පෙළඹවීම අප එකතුවෙලයි කළේ. ඔවුන්ගේ වෙනස්වීමට ස්තූති කරන ගමන්ම අප කියනවා අප ඇමතිධූර වෙනුවෙන් එකතු නොවුණට පක්ෂ වෙනුවෙන් එකතු නොවුණට අප ජාතියක් වශයෙන් එකතු වන්නේ උත්තර සොයාගෙන එන ගමනකට බව. ඒ නිසා මුස්ලිම් විවාහ නීතිය පිළිබඳව මේ ඇතිවෙලා තියෙන්නේ හොඳ ප්‍රවණතාවයක් බව අප අප ප්‍රකාශ කරනවා. ඒවගේම එහෙම වෙනස් කරන්නට පේලි විතරක් නොවෙයි තව පිටු කිහිපයක් තිබෙනවා. ඒ පිටු කිහිපයත් වෙනස් කළොත් මම හිතනවා අනාගත සහරාන්ලා බිහිවෙන එකක් නැහැ. මොකද ප්‍රශ්නෙ තිබ්බේ සහරාන් ළඟ නොවන බව අයි එස් අයි එස් ළඟ නොවන බව අප දන්නවා. ඒ සියලු දෙනා කියවන පොතක පිටු කිහිපයක් ගැන අප ප්‍රශ්න කරනවා අරාබියෙන් ආපු.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස