රංජන් අත්අඩංගුවට ගන්න තැනට ගෝඨා වැටෙයි කියලා හිතුවේ නෑ! – හරීන්

January 5, 2020 at 9:17 am | by emanisa.lk

විවිධ හේතු සොයමින් විපක්ෂ මන්ත්‍රීවරුන් සිරගත කරන යුගයක් රට තුළ නිර්මාණය වී ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙම තත්ත්වයට වැටෙනු ඇතැයි තමන් කිසිවිටෙකත් නොසිතූ බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඊයේ (04) රාත්‍රියේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හරීන් ප්‍රනාන්දු මේ බව ප්‍රකාශ කළේය.

“රජයෙන් ලබාදීපු අවි ආයුධයක බලපත්‍ර අලුත් කළේ නෑ කියන චෝදනාවට තමයි එතුමාව අත් අඩංගුවට අරන් තියෙන්නෙ. හොඳවෙලාවට අපි නම් ගත්තෙ නෑ අවි ආයුධයක්. හැබැයි ඉතින් ඒ වගේ හේතු හොයලා ඇතුළට දාන යුගයක් ඇතිවෙලා තියෙන වෙලාවකදි මතක ඇතුව කියන්න ඕනෙ මේක නෙවෙයි මං හිතන්නෙ අර 69 ලක්ෂය පැතුවේ.

ගෝඨාභය රාජපක්ෂ මැතුතුමා මෙවැනි දෙකේ පන්තියට වැටෙයි කියලා අපි කිසිවිටෙකත් හිතුවෙ නෑ. මේ වගේ සුළු, බොරු වැරදිවලට මෙවැනි විදියට අපහසුතාවයට පත්කිරීම ගැන මම මේ ආණ්ඩුව ගැන ඉතාමත්ම කණගාටුවට පත් වෙනවා. හැබැයි මේවාට උත්තර ලැබෙයි”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස