රංජන් අත්අඩංගුවට ගත්තට පොහොට්ටුවේ විරෝධය! බැඳුම්කර වංචාව පාස්කු ප්‍රහාරය යටගහන වැඩක්! සමාජමාධ්‍ය කණ්ඩායම්වලින් දැඩි චෝදනා!

January 5, 2020 at 9:53 am | by emanisa.lk

-එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක අත්අඩංගුවට ගැනීම පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ දේශපාලන ක්‍රියාකාරීන් දැඩි ලෙස නොසතුටට පළකරමින් තිබේ. ඇමති කාංචන විජේසේකර ෆේස්බුක් සටහනක් තබමින් පවසා තිබුණේ රංජන්ගේ ගොං පාට්වලට පොලිසියේ ලොක්කන්ගේ ගොංපාට් නොදෙවෙනි බවය.

විශේෂයෙන් එම පෙරමුණට සම්බන්ධ සමාජ ක්‍රියාකාරීන් පවසන්නේ රංජන් රාමනායක අත්අඩංගුවට ගැනීමට වඩා ප්‍රමුඛතාව ලබා දිය යුතු අපරාධ රාශියක් නීතිය හමුවේ ඇති බවය.

බැඳුම්කර සිද්ධිය, පාස්කු ප්‍රහාරය වැනි ජනතාව යුක්තිය ඉල්ලා සිටින මහා අපරාධවලට අදාළ පරීක්ෂණ යටපත් කිරීමට සරල කරුණු පදනම් කරගෙන විපක්ෂ මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගනිමින් මාධ්‍ය සංදර්ශන කරන බවට චෝදනා නැඟෙයි.

මේ අතර පසුගිය ආණ්ඩුව සමයේම එම ආණ්ඩුවේ ඇතැම් කටයුතු විවේචනය කිරීම නිසා එළඹෙන මැතිවරණයට අපේක්ෂකත්වය පවා ලබා නොදෙන බවට දැනුම් දී ඇති රංජන් රාමනායක අත්අඩංගුවට ගැනීම පිටුපස එජාප ප්‍රබලයන් පිරිසක් සිටින බවට ද චෝදනා නැඟෙයි.

විශේෂයෙන් රංජන් රාමනායකගේ ආසනය ලබා ගැනීම සඳහා බලා සිටින එජාප මන්ත්‍රී මහාචාර්යවරයා පොලිසිය පැමිණ සුළු වේලාවකින් රංජන්ගේ නිවසට පැමිණීම ද අවධානයට ලක්ව තිබේ.

පසුගිය ආණ්ඩු සමයේ සිදු වූ ඕනෑම කටයුත්තක් සාධාරණීකරණයට එම ආණ්ඩුවට සම්බන්ධ සමාජමාධ්‍ය කණ්ඩායම් පෙරමුණ ගත්ත ද වර්තමාන ආණ්ඩුවට හිතවාදී සමාජමාධ්‍ය කණ්ඩායම් ඒ ආකාරයට කටයුතු නොකිරීම ද පසුගිය සමය තුළ නිරීක්ෂණය විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස