රංජන් දෙවන වරටත් හිර ගෙදර නීති කඩා මාට්ටුයි…! සෝදිසියේ දී හසු වූ දුරකතනයත් රංජන්ගේ….! වැඩේට ලක්ෂ 05ක් වියදම් කරල…!

March 16, 2021 at 4:39 pm | by emanisa.lk

අඟුණකොලපෑලැස්ස බන්ධනාගාරයේ බිම වළ දමා තිබියදී සොයාගනු ලැබූ නවීන පන්නයේ ජංගම දුරකතනය එම බන්ධනාගාරයේ රඳවා සිටින රංජන් රාමනායකගේ බව තහවුරු වී තිබේ.

එය කිසියම් පුද්ගලයකුට ඊෂි කෑෂ් මාර්ගයෙන් රුපියල් ලක්ෂ පහක මුදලක් ගෙවා ගෙන්වා ගත් එකක් බවට තොරතුරු ලැබී ඇතැයි බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පවසයි.

ඒ අනුව මේ සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට බාරදුන් බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියයි.

මෙම නවීන පන්නයේ ජංගම දුරකතනය හා එහි උපාංග එම බන්ධනාගාරයේ පොළොව යට සඟවා තිබිය දී එහි බුද්ධි අංශ නිලධාරින් කණ්ඩායමක් විසින් සොයාගනු ලැබීය.

හර්ෂණ රාජකරුණා සමග සෙල්ෆි ඡායාරූපයක් ගැනීමේ වරදට රංජන් රාමනායකට මේ වන විට සති දෙකක් අමුත්තන් බැලීම තහනම් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *