රංජන්ට විතරක් නෙමේ මටත් වැල බලන්න පුළුවන්! රංජන්ගේ වැල බැලීමේ අයිතිය වෙනුවෙන් මම පෙනී ඉන්නවා! – මහාචාර්ය මාරසිංහ

January 5, 2020 at 3:11 pm | by emanisa.lk

රජය තමන් වෙත නිකුත් කර ඇති ගිනි අවි ආපසු භාර දීමට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් සූදානම් වන බව වාර්තා වෙයි.

බලපත‍්‍රය කල් ඉකුත්වූ ගිනි අවියක් ළඟ තබා ගත්තේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක අත්අඩංගුවට ගැනීම සැලකිල්ලට ගෙන මෙම පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශූ මාරසිංහ පවසයි

රංජන් රාමනායක අත්අඩංගුවට ගැනීම නීත්‍යානුකූල වූවත් ඔහු අත්අඩංගුවට ගත් පටිපාටිය අනුමත කළ නොහැකි හෙතෙම වැඩි දුරටත් පැවසීය.

“රන්ජන රාමනායක වැඩිහිටියෙක් ඒ වගේම ඔහු නළුවෙක්. ඔහු ළඟ විවිධාකාරයේ ප්‍රකාශිත දේවල් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔහු ළඟ වෙනම CD සහ DVD පට ඕනෑ තරම් තිබුණා. මේකේ නිතිය මොකක් ද කියලා පැහැදිලි කර ගන්න වෙලා තියෙනවා.

වැඩිහිටියන්ට පමණයි කියන චිත්‍රපට මේ රටේ තහනම්ද? එහෙනම් ඒ වැඩිහිටියන්ට පමණයි කියන චිත්‍රපට තහනම් කරනවා නම් අන්තර්ජාලය ඔස්සේ එම චිත්‍රපට නැරඹීමට නොහැකිවන අයුරින් නීති පනවන්න ඕන.

එහෙම නැතුව රන්ජන් එම චිත්‍රපට අරන් ගිහින් සිනමා ශාලාවල පෙන්නුවා නෙමෙයි නේ. මමත් වැඩිහිටියෙක්, මට වුණත් ඒවා බලන්න පුළුවන්. දැන් මේ වෙන්නේ මුලික මිනිස් අයිතිවාසිකම් කඩ වෙන ආකාරයේ දෙයක්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස