රංජන්ට ජනාධිපති සමාව…!

July 16, 2022 at 11:58 am | by emanisa.lk

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත දඬුවම් ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට ජනාධිපති සමාව ලබාදීමට සුදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

හිටපු මන්ත්‍රීවරයාට ජනාධිපති සමාව ලබාදීම සඳහා අවශ්‍ය නෛතිකමය කටයුතු මේ වන විට සුදානම් කිරීමට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වෙයි.

අධිකරණ විනිසුරුතුමන්ලා සහ නීතිඥයින් සම්බන්ධව 2017 වසරේ දී  සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත නඩු පවරනු ලැබ තිබිණි.

ඒ අනුව පසුගිය වසරේ ජනවාරි මස 12 වෙනිදා රන්ජන් රාමනායකට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර හතරහාමාරක සිරදඬුවම් නියම කරනු ලැබ ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *