අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වී සිරගතව සිටින රන්ජන් රාමනායක, ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කරන්නැයි කලාකරුවන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති.
රන්ජන් සමග සිනමා ක්ෂේත්‍රයේ කටයුතු කළ නළු නිළියන්, සිනමා අධ්‍යක්ෂකවරුන්, නිෂ්පාදකවරුන් පිරිසක් එක්ව මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම ඉල්ලීම සිදු කළහ.
මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ප්‍රවීන රංගන ශිල්පී, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් කුමාරතුංග සඳහන් කළේ නීතිය ඉදිරියේ රන්ජන් රාමනායක සිදු කළ ප්‍රකාශ වැරදි වුව ද, ඔහුගේ විවේචනය සාධාරණ බව මේ වන විට හොඳින් ම තහවුරු වී ඇති බවයි.
රන්ජන් රාමනායක සිදුකළේ වංචා-දූෂණ, වැරදි විවේචනය කිරීම බව පෙන්වා දෙන ජීවන් කුමාරතුංග සඳහන් කරන්නේ ඔහු සිදුකළ වරද සම්බන්ධයෙන් මේ දක්වා ඔහු විඳි දඬුවම ප්‍රමාණවත් බවය.
ඒ නිසා කලාකරුවෙකු ලෙස සලකා, කලාකරුවන් විසින් සිදු කරන ඉල්ලීම සලකා බලා රන්ජන් රාමනායකට සහනයක් ලබා දෙන්නැයි ජීවන් කුමාරතුංග ඉල්ලා සිටියි.