විනිසුරු ධම්මික හේමපාල ඉදිරියේ කාලෝ මාමා ජූරියට නංවා රංජන් තමන්ගේ නඩුව ඇසූ හැටි! රංජන්ට නඩුවෙන් ගැළවෙන්න ජනපති මෛත්‍රි දුන් උපදෙස් මෙන්න! (video)

January 8, 2020 at 1:51 pm | by emanisa.lk

තමන්ට එරෙහිව අධිකරණයේ පවතින අධිකරණයට අපහාස කිරීම පිළිබඳ නඩුවක් පිළිබඳ රංජන් රාමනායක බද්දේගම දිසා විනිසුරු ධම්මික හේමපාල සමග සිදුකරන සංවාදයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

මේ අවස්ථාවට කීර්තිමත් විද්වතෙකු සහ බුද්ධිමතෙකු ලෙස මෙතෙක් හඳුනා ගෙන සිටි මහාචාර්ය කාලෝ ෆොන්සේකා ද සහභාගී වන ආකාරය කට හඬින් හඳුනාගත හැකිය.

බොහෝ විට රංජන් වරදකරු නොකරනු ඇති බවත් ජනාධිපතිවරයා සමග මේ පිළිබඳ සාකච්ඡා කරන ලෙසත් විනිසුරු ධම්මික හේමපාල මෙහිදී උපදෙස් දෙයි.

තමන් මේ පිළිබඳ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ බවත් අධිකරණයෙන් තමන්ට අසාධාරණයක් වූ අය සිටී නම් අමතන ලෙස සඳහන් දැන්වීමක් පුවත්පතක පළකර එවිට ලැබෙන තොරතුරු පදනම් කරගෙන තමන් මහජන නියෝජිතයකු ලෙස පෙර කී අදහස ප්‍රකාශ කළ බවත් සඳහන් කරන්න යැයි ජනාධිපතිවරයා උපදෙස් දුන් බව ද රංජන් පවසයි.

එසේම අඩියක් හෝ පසුපසට නොගන්නා ලෙසත් රංජන් පවසා ඇත්තේ ඇත්ත බවත් ඔහු සිරගත කළහොත් තමන් නිදහස් කරගන්නා බවත් පැවසූ බව රංජන් හෙළි කරයි.

කඩුවෙල අධිකරණය රාත්‍රී වන තුරු විවෘත තබමින් බැසිල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ ආදීන් බන්ධනාගාරගත කළේ එවක කඩුවෙල විනිසුරු ලෙස කටයුතු කළ ධම්මික හේමපාලය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස