යොහානිගේ ජනප්‍රියත්වය වේගයෙන් ඉහළට..! සුපිරි සංගීතඥ රහුමාන්ගේ යූටියුබ් නාළිකාවත් පරදවයි….!

October 15, 2021 at 12:28 pm | by emanisa.lk

මේ වන විට ජාත්‍යන්තර වශයෙන් මහත් ජනප්‍රියත්වයක් දිනා සිටින යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වාගේ යූටියුබ් නාළිකාව අතිශය ජනප්‍රිය වී තිබේ.

ඒ කෙතරම් ද යත් ඇගේ යූටියුබ් ග්‍රාහකයින් සංඛ්‍යාව ලොව සුපිරි සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන්ගේ යූටියුබ් නාළිකාව ද ඉක්ම ගොස් තිබේ.

යොහානිගේ නාළිකාවට මේ වන විට ග්‍රාහකයින් මිලියන 2.97ක් එක්ව සිටින අතර රහ්මාන්ගේ නාළිකාවේ ග්‍රාහකයින් ගණන මිලියන 2/93කි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *