යූඇන්පී නායකත්වය වගේ රනිල්ට ජනාධිපතිකම අල්ලගෙන ඉන්න බෑ..! – මරික්කාර්…

July 23, 2024 at 8:56 am | by emanisa.lk

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැන් උත්සාහ කරමින් සිටින්නේ තමන් ඇතුළු කණ්ඩායම 2019 දී එක්සත් ජාතික පක්ෂය තුළ සිටිමින් කළ දේ වෙනත් පක්ෂයක් තුළ සිදුකිරීමට බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පවසයි.

“එයාගෙ තියරිය කන්ෆියුස් තියරි එක. මට පේන විදියට අන්තිමට වෙන්නෙ, ඔය කන්ෆියුස් තියරි එක පාවිච්චි කරන් ගිහිල්ලා අන්තිමට යූඑන්පී එකේ නායකත්වයත් නැතිවෙයි වගේ. මොකද මෙච්චරකල් අල්ලන් හිටියෙ යූඑන්පී නායකත්වය විතරයි. ඒ විදියට ජනාධිපතිකම අල්ලන් ඉන්න බෑනෙ. යූඑන්පී නායකත්වයත් නැති වෙනවා.

දැන් අපි 2019 දී කරපු එක තමයි මෙතුමා කරන්න හදන්නෙ. 2019 අපි පක්ෂය ඇතුළෙ ඉඳන් තමයි සජිත් ප්‍රේමදාස මහත්මයා අපේක්ෂකත්වයට ගේන්න ඕනෙ කියලා කැම්පේන් එක කළේ. ඒ, පක්ෂය ඇතුළෙ බහුතරයකගේ මතය ක්‍රියාත්මක කරන්න. දැන් මෙතුමා අපි පක්ෂය ඇතුළෙ කරපු දේ වෙන පක්ෂයක් ඇතුළෙ කරන්න හදනවා. ඉතින් එහෙම කරන්න බෑ. ඒක තේරෙන්නෙ නෑ එතුමාට.”

එස්. එම්. මරික්කාර් මහතා මේ බව පැවසුවේ ඊයේ (22) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *