යූඇන්පී ආණ්ඩුව ගැමුණු රජතුමාගෙනුත් පළිගනී! ගැමුණු පිළිරුව පෙරහැරේ වැඩමවීමත් තහනම් කරලා!

January 2, 2020 at 11:29 am | by emanisa.lk

පසුගිය ආණ්ඩුව කතරගම පෙරහරේ ගැමුණු රජතුමාගේ ප්‍රතිමාව ගෙනයාම පවා තහනම් කළ බව රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පූජ්‍ය කපුගම සරණතිස්ස හිමි පවසයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඊයේ (01) උන්වහන්සේ බැහැ දුටු අවස්ථාවේදී සිදුකළ සාකච්ඡාවේ දී මෙම හෙළිදරව්ව කර තිබේ.

පසුගිය රජයේ හිටපු බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා දුරකථනයෙන් තමන් හා සම්බන්ධ වෙමින් මෙම ප්‍රතිමාව රැගෙන නොයන ලෙසට ප්‍රකාශ කළ බවත් උන් වහන්සේ කියා සිටියහ.

කතරගම දේවාලය ඉදි කරනු ලැබුවේ ද දුටුගැමුණු රජතුමා ඉතිහාස පුවත්වල සඳහන් වන පසුබිමක මෙම නියෝගය ලබා දීම පුදුම සහගතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස