යූඇන්පිය අර්බුදය වහගන්න ඡන්දේ කල්දාන්න ඉඩදෙන්න එපා! – නාමල්

March 16, 2020 at 12:57 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂය සිය පක්ෂ අර්බුදය යට ගැසීම සඳහා මහ මැතිවරණය කල් දැමීම සඳහා උත්සාහයක නිරත වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

මේ වන තුරුත් එජාපය මහ මැතිවරණය සඳහා සූදානම් නොමැති බවත් පක්ෂයේ බෙදීම් නිසා මැතිවරණයට මුහුණදිය නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

මේ ආකාරයට සිය පටු පක්ෂ අභිලාෂවලට මුවා වී මැතිවරණය කල් දැමීමට ජනතාව ඉඩ දිය යුතු නැතැයි ඔහු අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස