යූඇන්පියට පළිගැනීමට මිස රට හදන්න සැලසුමක් නෑ! ගෝඨාට ජම්පර අන්දන කතාවේ තේරුම එයයි! – ගම්මන්පිල

September 26, 2019 at 1:53 pm | by emanisa.lk

ඇමති සජිත් ප්‍රේමදාස ජනාධිපති වූ වහා ගෝඨාභය රාජපක්ෂට ජම්පරය අන්දා හිරේ දමන බවට හේෂා විතානගේ පැවසීමෙන් තහවුරු වන්නේ එක්සත් ජාතික පක්ෂයට රට ගොඩනැඟීම සඳහා කිසිදු දේශපාලන දැක්මක් නොමැති බව යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

පසුගිය වසර පහ මෙන්ම ඉදිරි වසර පහ ද දේශපාලන පලිගැනීම් සඳහා නාස්ති කිරීමට මිස එජාපයට වෙනත් කිසිදු සැලසුමක් නොමැති බව ජනාධිපතිවරණය අවසන් වූ වහා ගෝඨාට ජම්පරය අන්දවන බවට කළ ප්‍රකාශයෙන් තහවුරු වන බව හෙතෙම පවසයි.

වර්තමාන ආණ්ඩුව බලයට පත්වී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය නමින් විශේෂ ඒකකයක් අගමැතිවරයා යටතේ පිහිට වූ අතර ඊට පැමිණිලි කිරීමේ හැකියාව තිබුණේ අගමැති ප්‍රමුඛ ආණ්ඩුවට පමණි.

දේශපාලන බලපෑම් නිසා ගෝඨාභය රාජපක්ෂට සහ ඇවන්ගාර්ඩ් ආයතනයට එරෙහිව නඩු පැවරීමට සිදු වූ බවත් ඒ පිළිබඳ තමා දැන් බෙහෙවින් කනගාටු වන බවත් අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ දිල්රුක්ෂි ඩයස් පාපොච්චාරණයක් කර හඬ පටයක් නිකුත් වී ඇති පසුබිමක ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රකාශ කරන්නේ ඈ සිදුකළ විමර්ශනවල ස්වාධීනත්වය පිළිබඳ ගැටලුවක් පවතින බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස