යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට මූල්‍ය අසාදු හංවඩුව ගසයි!

February 18, 2019 at 1:17 pm | by admin

යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාව 2019 වසර සඳහා වන අසාදු ලේඛනයකට ඇතුළත් කර තිබේ. ඒ මූල්‍ය විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණය සඳහා අවධානම් පවතින රටවල් අතරටය. රටවල් 23ක ලයිස්තුවේ ශ්‍රී ලංකාව නමකර ඇත්තේ 8 වැනි ස්ථානයටය.

මේ මගින් ශ්‍රී ලංකාව සමඟ සිදුකරන බැංකුමය කටයුතු දැඩි අවධානයකින් සිදුකළ යුතු බවට නිර්දේශ ඉදිරිපත් කර ඇති අතර, ඊට අමතරව යුරෝපා සංගමය විසින් පදනම් කර ගන්නා මූල්‍ය කාර්ය සාධක බලකාය මගින් ද ශ්‍රී ලංකාව මූල්‍ය ක්‍රියාකාරීත්වයේ අවධානම් රටවල් 12ක ලැයිස්තුවට ද ඇතුළත් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස