මෙරට ජනතාවට ලබාදෙන්නේ යුරෝපයේ තහනම් කර ඇති ඇස්ට්‍රා සෙනෙකා එන්නත් කාණ්ඩය නොවන බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ පවසයි.
එබැවින් මෙරට එම එන්නත් භාවිතය සම්බන්ධයෙන් ගැටලුවක් නැතැයි ද ඇමතිවරයා සඳහන් කළේ ය.
යුරෝපයේ රටවල් කිහිපයක භාවිතය නවතා ඇත්තේ ඇස්ට්‍රා සෙනෙකා එක් එන්නත් කාණ්ඩයක් පමණක් බවත් එම එන්නත් කාණ්ඩය මෙ රටට ලැබී නැති බවත් ඇමතිවරයා කීවේය.
ඇමති රමේෂ් පතිරණ මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (16) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.