ඊයේ (03) ස්විට්සර්ලන්තයේ පැවැති මීටර 100 ධාවන තරඟය තප්පර 9.96ක වාර්තාගත කාලයකින් ජයග්‍රහණය කිරීමට යුපුන් අබේකෝන් සමත්විය.
එය ශ්‍රී ලංකා මෙන් ම දකුණු ආසියානු වාර්තාවක් වන අතර තප්පර 10ට අඩු කාලයක් තුළ මීටර 100 දිව ගිය පළමු ක්‍රීඩකයා ලෙස යුපුන් ඉතිහාසගත වනු ඇත.
තරඟ අවසානයේ යුපුන් මාධ්‍ය හමුවේ මෙසේ පැවසීය.
“මං ඒක කලා. මං අවුරුදු ගානක් මහන්සි උනා , ඒ මහන්සියේ කැප කිරීමේ ප්‍රතිපලය මට හම්බවුණා.
ඔව්… මං තමයි Sub 10 ක්ලබ් එකේ අලුත් Member! බිලියන ගානක් ඉන්න දකුණු ආසියාවේ පලවෙනි Sub 10 එක. ආසියානු ඉතිහාසයේ 10 වෙනි sub 10 එකේ අයිතිකාරයා මම.
මං එක්ක උන්න අයට මං මේක ට්‍රිබියුට් කරනවා. මාව විස්වාස කරපු අයට මං pay back කළා කියලා මං හිතනවා. ආදරෙයි ගොඩක්.
ලංකාවේ බලධාරීන්ගෙන් උදව් ඉල්ලල යවපු ලියුම් ඊ මේල් එකේ සෙන්ඩ් බොක්ස් එක පිරිලා. උදව් කරන්නම් කියලා ආව ඊ මේල් එකක් නම් හොයාගන්නවත් නෑ. ඒ හින්දා දැන් මීඩියාවලට කතා කරද්දී මට කරපු උදව් මොනවද කියලා මතක් කරලා කියන්න. මිනිස්සු බලන් ඉන්නවා දැනගන්න.
ආයෙත් කියනවා මං ඒක කරා. ආදරෙයි මං එක්ක උන්න හැමෝටම. මේක කරේ මං මටත් වඩා මාව විස්වාස කරපු ඔයලාට.”
මේ පිළිබඳ රංග විමලවංශ නම් ක්‍රීඩා උපදේශකවරයා තබා ඇති සටහනක් මෙසේය.
දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා යුපුන් අබේකෝන් ඔබට ලෝකයේ ම වේගවත්ම මිනිසා වීමට හැකිවේවායි ප්‍රාර්ථනා කරමි.ඔබ දැක් වූ දක්ෂතාවය එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවේ පමණක් නොවේ දකුණු ආසියාවේ ම කිසිදු පුද්ගලයෙක්ට කරන්නට බැරි වෙච්ච දෙයක් ඔබට හැකි යි කියා පෙන්වා අවසන්. ඉදිරියටත් ශ්‍රී ලංකාව ලෝකය ඉදිරියේ බැබළවීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා.
ඒවගේම මම මේක අවස්ථාවක් කරගන්නවා යුපුන් ගේ ජයග්‍රහණය සඳහා පොඩි හෝ උදව්වක් කරපු අයට ස්තූති කිරීමට.
👌විශේෂයෙන්ම ශ්‍රී ලංකා යුධ හමුදාවට, යුධ හමුදාපති තුමා හිටපු shawendra silva ඇතුළු ඇතුළු යුද හමුදාවේ මලල ක්‍රීඩාව භාරව කටයුතු කරන සියලුම නිලධාරීන්ට, ඔහුට ඉතාලි රටේ පුහුණුවීම් කිරීමට සියලුම අවසරය ලබාදී කටයුතු කිරීම සම්බන්ධව.ඉදිරියටත් මලල ක්‍රීඩකයන්ට මීටත් වඩා හොඳට සලකන්න කියලා මම ඔබතුමාලගේ ඉල්ලා සිටිනවා. බොහොම ස්තූතියි යුද හමුදාව.
👌ඒ වගේ ම ලක්ෂ සීයකට අධික මුදලක් සහ තවත් ඔහුගේ අවශ්‍යතාවන්ට සොයා බැලූ, එතෙක් මෙතෙක් මලල ක්‍රීඩකයාට නිසි තැන ලබා දුන්, නිසි වටිනාකම ලබාදුන් හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇමතිතුමා සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්යක්ෂ ජෙනරාල් අමල් එදිරිසූරිය ඇතුළු අමාත්‍යාංශයේ සියලු ම නිලධාරීන්ට බොහොමත්ම ස්තුතියි. ක්‍රීඩකයාටත් පුහුණුකරුට අවශ්‍ය ගෙවීම් කරමින් ක්‍රීඩකයන්ව පුහුණුකරුවන් දිරිගැන්වූ ඔබතුමන් බොහොමත්ම ස්තුතියි.
👌ඒ වගේම මලල ක්‍රීඩා සංගමයේ සභාපති අතුළු නිලධාරීන්ටත් බොහොමත්ම ස්තුතියි ඔහුට දැක්වූ සහයෝගය සම්බන්ධව, විශේෂම මා දන්නා විදියට සභාපති පාලිත ප්‍රනාන්දු ඔහුව යුද හමුදාවෙන් නිදහස් කර ඔහුට මාසිකව ලැබෙන දිරිදීමනා සියලුම ම දේ ඉතාලි රටේ ඉඳන් ලබාගැනීමට අවශ්‍ය සියලුම කටයුතු සකසා තිබූ බව මා හොඳින්ම දන්නවා එය අගය කළ යුතුයි.
👌ඒ වගේම යුපුන් අධ්‍යාපනය ලැබූ වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලයේ සියලුම ක්‍රීඩා භාර නිලධාරීන් ලංකාවේ සිටින ඔහුට පුහුණුවීම් කටයුතුවලට සහභාගි වූ සහය දැක්වූ සියලුම පුහුණුකරුවන්ට ද බොහොමත්ම ස්තුතියි.
අවසාන වශයෙන් මං මගේ ආදරණීය මලල ක්‍රීඩකයා යුපුන් අභයකෝන්ගෙන් සමාව ඉල්ලා සිටිනවා අපේ දුප්පත් ශ්‍රී ලංකාවෙන් ඔබට කුමක් හෝ අඩුපාඩුවක් වුණානං, ඒ වෙනුවෙන් අපට සමාවෙන්න කියලා.
ඔබට හැකිනම් ඉදිරියේදී ඔබ ජයග්‍රහණය කරන සෑම ක්‍රීඩා තරඟයක දී ම අපේ ආදරණීය මව්බිම ගැන දේශීය හා විදේශීය ආකර්ෂණය ලබාගත හැකි වචන ටිකක් ලෝකෙ ඉදිරියේ හැකිනම් තබන ලෙස සහ ඉදිරියේ පැවැත්වෙන දකුණු ආසියාතික තරග, ආසියාතික තරග, පොදුරාජ්‍ය මණ්ඩලිය තරග, ලෝක ශුරතා මලල ක්‍රීඩා තරඟ, සහ ඔලිම්පික් පදක්කම් ජයග්‍රහණය කිරීමට ඔබට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියා ඉත සිතින් ප්‍රාර්ථනා කරමි ඔබට ජයෙන් ජය.