යුද හමුදාපතිවරු දෙදෙනෙකු සමග යොහානි…!

October 17, 2021 at 2:11 pm | by emanisa.lk

දින පහක සුහද සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවේ සංචාරය කල ඉන්දියානු හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරවානේ සහ එම මැතිණිය වීනා නාරවානේ ඇතුළු ඉන්දියානු හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහ තවත් සම්භාවනීය නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් නිල භෝජන සංග්‍රහයක් හමුදා මූලස්ථානයේදී පැවැත්වීය.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ එම මැතිණිය වන හමුදා සේවා වනිතා ඒකකයේ (ASVU) සභාපතිනී සුජීවා නෙල්සන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ මෙම භෝජන සංග්‍රහයේ වඩාත් ආකර්ෂණීය හා වඩාත් කැපී පෙනෙන අංගයක් වූයේ ශ්‍රී ලංකාවේ නාමය ඉහළට ඔසවා තැබූ යොහානි ද සිල්වා විසින් ගීත කිහිපයක් ගායනා කරමින් සියලු ම සම්භාවනීයයන් සතුටු කිරීමයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *