යුගදනවි ව්‍යාපෘතියට එරෙහි වෙන්න් කුහකයෝ…! – සාගර…

September 27, 2021 at 3:06 pm | by emanisa.lk

යුගදනවි බලාගාරයේ කටයුතුවලට ඇතැමුන් විරෝධය දක්වන්නේ කුහකත්වය මත පමණක් පදනම් වී මිස රටට ඇති ආදරයක් මත නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, වසර 10ක් පුරා ස්වාභාවික ගෑස් බලාගාරයක් බවට පත්කර ගැනීමට නොහැකි වූ කෙරවළපිටිය යුගදනවි විදුලි බලාගාරය එම තත්ත්වයට ගෙන ඒමට රජය උත්සහ ගනිමින් සිටින බවය.

“කෙරවළපිටිය ගල් අඟුරු බලාගාරය හදන කොට එය හැකි ඉක්මනට ගෑස් බලාගාරයක් බවට පත් කරන්න සැලසුම් කළා. අවුරුදු 10ක් තිස්සේ අපිට කරගන්න බැරිවෙලා තිබුණු දෙයක් අද අපි කරන්නේ.

මේ අවස්ථාවේ අපි සිදුකරන්න යන කොට විරුද්ධ වෙනවා නම් මං හිතන්නේ ඒ විරුද්ධවීම සිදුකරන පුද්ගලයා ඒක කරන්නේ කුහකත්වය මත මිසක් රටට ආදරයෙන් නෙමෙයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *