යුගදනවි බලාගාරය ඇමරිකානු සමාගමකට ලබා දුන් බව පැවසුව ද එය ලබා දී ඇත්තේ නිව් පෝර්ට්‍රස් එනර්ජි ශ්‍රී ලංකා නම් සමාගමකට බව සමගි ජන බලවේගය පවසයි.
එම පක්ෂයේ නලීන් බණ්ඩාර සඳහන් කරන්නේ, යුගදනවි බලාගාරය රාජපක්ෂ පවුල සිය ධනස්කන්ධය යොදවා මිලයට ගත්තේ දැයි සැකයක් මතු වන බව ය.
ඇඟේ හයියෙන් ආණ්ඩු කළ නොහැකි බවත් ආණ්ඩු කළ යුත්තේ බුද්ධියෙන් බවත් මන්ත්‍රීවරයා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
උත්සව අවස්ථාවකට එකතු වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළේය.