යුගදනවි ඇමරිකාවට දීමත් හෙජිං ගිවිසුම වගේ…! මේ නිසා රටට ඩොලර් මිලියන 1000ක පාඩුවක් වෙනවා…!

September 27, 2021 at 6:02 pm | by emanisa.lk

යුගදනවි බලාගාර ව්‍යාපෘතිය ඇමරිකානු නිව් පෝට්‍රස් එනර්ජි සමාගමට ලබා දීම නිසා මෙරටට ඩොලර් මිලයන 1000ක වඩා වැඩි පාඩුවක් සිදුවන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසයි.

ඒ, අද (27) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

“LNG ගෑස් බෙදා හැරීමේ එක ම බලධාරියා හැටියට මේ කියන නිව් පෝට්‍රස් එනර්ජි සමගම පත්වෙනවද නැද්ද? ඒ විතරක් නෙවෙයි මේ නිව් පෝට්‍රස් එනර්ජි සමාගම නියම කරලා තියෙන කොන්දේසි අනුව ආණ්ඩුව ගෙන්වන ගෑස්වලින් 70%ක් මිල දී ගැනීම හෝ එසේ නොකරන්නේ නම් සල්ලි ගෙවිය යුතුද නැද්ද? තුන්වෙනි එක තමයි අපි අහන්නේ එහෙම නම් ආයතන නිෂ්පදනය කරන විදුලි ඒකකයක් ලංකා විදුලිබල මණ්ඩලයට අලෙවි කරන මිල නියම කරන මිල සූත්‍රය කුමක්ද?

මේක හරියට හෙජින් ගිවිසුම වගේ වැඩක්. හරියට ඇස් වහගෙන අත්සන් කරපු ගිවිසුමක්. ඩොලර් මිලියන 1000කට වඩා මේ ගිවිසුම නිසා අපට අනාගතයේ පාඩු වෙනවා. හැම විට ම මේ වගේ විරෝධතාවක් දක්වලා ඒක සමතයකට පත්වුණා යනුවෙන් කියල හිත හදාගෙන හරියන්නේ නැහැ. මේකෙන් ජනතාවට පාඩුවක් වෙනවා කියල අපිට පේනවා. ඒ නිසයි අපි මේ ප්‍රශ්නය මතු කරන්නේ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *