යුක්‍රේන බබ්ල් එක පිපිරිණේ උදයංග-කිමාලි ගැටුම නිසයි…! – ඇමැති නාමාල්ගේ මාමා තිලක් වීරසිංහ

January 13, 2021 at 9:46 am | by emanisa.lk

උදයංග වීරතුංග සහ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයෙ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු අතර පවතින ගැටුම් යුක්රේන සංචාරක ව්‍යාපෘතිය සහ මෙ රට සංචාරක ප්‍රවර්ධනය සඳහා බාධාවක් වී ඇතැයි සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ තිලක් වීරසිංහ සඳහන් කරයි.

මෙම ව්‍යාපෘතිය කිරීමේ දී උදයංග මිට වඩා පරිස්සම් විය යුතුව තිබූ බවත් කිමාලිට සම්පූර්ණ සංචාරක ක්ෂේත්‍රය පිළිබඳ පුළුල් දැනුමක් නොමැති බවත් ඔහු පෙන්වා දෙයි.

යුක්රේන සංචාරක ව්‍යාපෘතියට තමන්ගේ සම්බන්ධයක් නැති බවත් එම සංචාරකයෝ භාවිත කරන්නේ තමන්ගේ බස් රථ නොවන බවත් ඔහු සඳහන් කළේය.

තමනට සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ධුරය ලැබුණේ නාමල් රාජපක්ෂ තම බෑනා නිසා නොවන බව ද සංචාරක මණ්ඩලයේ සභාපති ඉවත්කර තමන් එම පුටුවට ඒමට බලාපොරොත්තුවක නැති බවත් ඔහු සදහන් කරයි.

තමන් නාමල් රාජපක්ෂ හෝ මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ බලය අයුතු විදිහට පාවිච්චි නොකරන බව කියා සිටියේය.

ඒ මහතා මෙම අදහස් පල කලේ චමුදිත සමරවික්‍රම මහතා සමඟ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමිනි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස