යාපනේ සරසවියේ කොටි ස්මාරකය ඉවත් කළේ උපකුලපති ශ්‍රීසද්ගුණරාජා…! එය අනාගත සාමය උදෙසා ගත් වැදගත් තීන්දුවක්…!- විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම….

January 9, 2021 at 7:09 pm | by emanisa.lk

පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ යාපනය විශ්වවිද්‍යාලයේ ඉදිකළ යුද ස්මාරකය ඉවත් කිරීම එහි උපකුලපති මහාචාර්ය ශ්‍රී සද්ගුණරාජාගේ තීන්දුවක් බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.

ශ්‍රී සද්ගුණරාජා මෑත කාලයේ බිහි වූ අතිවිශිෂ්ට විද්‍යාඥයෙක්, පරිපාලකයෙක් මෙන් ම දක්ෂ කුලපතිවරයෙකු බව පවසන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග පෙන්වා දෙන්නේ මෙම ස්මාරක විශ්වවිද්‍යාලයට නොගැළපෙන බව තීන්දු කර ඇත්තේ ඔහු බව ය.

දැනට විශ්වවිද්‍යාලයේ සිටින දරුවන් අවසන් යුද සමයේ වයස අවුරුදු 9,10,11 වයසේ සිටි දරුවන් බවත් සිංහල දරුවන් 1500ක් පමණක් එම විශ්වවිද්‍යාලයේ ඉගනුම ලබන බවත් පෙන්වා දෙන මහාචාර්ය සම්පත් අමරතුංග අවධාරණය කරන්නේ අනාගත සාමය උදෙසා මෙම ස්මාරකය ඉවත් කිරීම කාලෝචිත බව ය.

සිංහල දෙමළ මුස්ලිම් භේදයකින් තොරව දරුවන් සතුටින් සමගියෙන් ඉගනුම ලබන යාපනය විශ්වවිද්‍යාලයට උවමනා වන්නේ යුද ස්මාරක නොව සාමයේ ස්මාරක බව එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස