පසුගියදා යාපනය විශ්වවිද්‍යාල භූමියෙන් ඉවත් කළ යුද ස්මාරකය වෙනුවට අලුත් ස්මාරකයක් ඉදිකිරීමට තීරණය කර තිබේ.
ඒ සඳහා අද (11) උදෑසන උපකුලපතිවරයා මුල්ගල තබා තිබේ. පැරණි ස්මාරකය කඩා ඉවත් කිරීමට ද තීන්දු කළේ උපකුලපතිවරයා විසිනි.
මේ සමග යාපනය විශ්වවිද්‍යාල සිසුන්ගේ උපවාසය ද හමාර වී තිබේ.
අලුතින් ඉදිවන මෙම ස්මාරකය සාමයේ ස්මාරකය ලෙස නම් කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය කටයුතු කරමින් ඇතැයි ද වාර්තා වෙයි.