යාපනේ නාග විහාරයේ බුදු පිළිමයට ගල් ප්‍රහාරයක්! CCTV දර්ශන ඔස්සේ පරීක්ෂණ ඇරඹෙයි!

June 10, 2020 at 2:11 pm | by emanisa.lk

යාපනය ආරියකුලම් මංසන්ධියේ පිහිටි ශ්‍රී නාග විහාරයේ බුදුපිළිම වහන්සේ තැන්පත් කළ කුටියට ඊයේ (09) රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් ගල් ප්‍රහාරයක් එල්ල කොට පළා ගොස් ඇති බවට යාපනය පොලීසිය පවසයි.

අදාල ගල් ප්‍රහාරයෙන් බුදු පිළිම වහන්සේට හානියක් නොමැති අතර පිළිමයේ අවරණය සඳහා යොදා තිබූ විදුරුවෙන් කොටසක් කැඩී ගොස් ඇති බවට පොලීසිය පැවසීය.

අදාළ ගල් ප්‍රහාරය එල්ල කළ බවට සැක කෙරෙන යතුරු පැදියක් පිළිබඳව සී.සී.ටී.වී. දර්ශන මාර්ගයෙන් මේ වන විට පරික්ෂණ ආරම්භ කොට ඇති අතර කිසියම් අන්තවාදී පිරිසක් විසින් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට සැක කෙරේ.

මෙම ගල් ප්‍රහාරය පිළිබඳව අදහස් දක්වන ශ්‍රී නාග විහාරයේ විහාරාධිපති පූජ්‍ය මීගහජදුරේ ශ්‍රී විමල හිමි මෙසේ පැවසීය.

“ඊයේ දිනයේ කිසියම් සිදුවීමක් වෙලා තියනවා මෙය කිසියම් අයෙක් යම් අන්තවාදී පටු අරමුනක් වෙනුවෙන් සිදුකරන ලද එකක් කියා සිතනවා. ජනතවට සියලු දෙනා ඒ වෙනුවෙන් කලබල විය යුතු නැහැ. මෙතෙක් කල් සිටියා වගේ සිංහල, දෙමළ හා මුස්ලිම් හැමෝම සහෝදරත්වයෙන් සිටිය යුතුයි. මෙවැනි අඩු මානසිකත්වයක් ඇති පිරිස්වල ක්‍රියාවන් නිසා කලබල විය යුතු නැහැ.

‘මේ වන විටත් පොලීසිය ඇතුලු ආරක්ෂක අංශ විසින් පරික්ෂණයක් සිදු කරනවා. නමුත් අපි කනගාටු වෙනවා මේ වගේ මානසික මට්ටමේ අය අපේ සමාජයේ සිටීම ගැන. මොකද බුදුදහම කියන්නේ සියලු ආගම්, ජාතීන් වෙනුවෙන් දයාව කරුණාව දක්වන නිසාවෙන්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස