යාපනේ කෝවිලක කොටි මහවිරු ගී තනු වාදනය කරයි! සංහිඳියා මළබෙර හඬ උතුරෙනුත් ඇසෙයි!

April 23, 2019 at 8:34 am | by admin

යාපනයේ හින්දු කෝවිලකදී එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ගීතවල තනු හා සංගීත කොටස් වාදනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැල්වෙට්ටිතුරේ පොලිසිය මේ වනවිට පුද්ගලයින් හතර දෙනකුගෙන් ප‍්‍රශ්න කොට තිබේ.

යාපනය – වැල්වැටිතුරෙයි මුත්තුමාරි අම්මාන් කෝවිලේ වාර්ෂික පූජා උත්සවයේදී අතරතුරදී 19 දා සහ 20 දා රාත‍්‍රී එල්.ටී.ටී.ඊ සංවිධානයේ මහවිරු ගීතවල කොටස් වාදන කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙසේ ප‍්‍රශ්න කොට තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කෝවිලේ පාලක සභාවේ නිලධාරීන්ගෙන් ආරක්‍ෂක අංශ සිදුකළ විමසීමකදී කෝවිලේ පාලක සභාව පවසා ඇත්තේ වැරදීමකින් අදාළ ගීත කොටස් වාදනය වී ඇති බවයි. වාදනය කළ ගීතවල කොටස් තනු හා සංගීත ප‍්‍රස්ථාර එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ගීත බව නොදැන ඒවා වාදනය කළ බව ඔවුන් පොලිසියට පවසා තිබේ. නමුත් ආරක්‍ෂක අංශ සඳහන් කරන්නේ දින දෙකක්ම මේ ගීත වාදනය කොට ඇති නිසාත්, ගීත ගණනාවක්ම වාදනය කොට ඇති නිසාත් එය අත්වැරදීමකින් සිදුවූ දෙයක් නොවන බවයි.

එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ උපන් ගම වන්නේ වැල්විටිතුරෙයි ප‍්‍රදේශයයි. සිද්ධිය සම්බන්ධයෙන් යාපනය ආරක්‍ෂක අංශ වැඩිදුර පරීක්‍ෂණ මෙහෙයවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස