යාචකයින් ඉහළ යාම ජාතික ප්‍රශ්නයක් වෙයි…! විසඳුම් සෙවීමට ඒකාබද්ධ වැඩපිළිවෙළක්…!

October 25, 2021 at 11:38 am | by emanisa.lk

රටේ යාචකයන් වැඩි වීම ජාතික ප්‍රශ්නයක් බවට පත්ව ඇති බවත් මෙම ගැටලුව විසඳීම සඳහා නිසි වැඩපිළිවෙළක් තිබිය යුතු බවත් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සාකච්ඡාවට ලක්ව ඇත.

යාචකයන් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල මට්ටමින් පර්යේෂණ රැසක් සිදුව ඇති බව ද එම පර්යේෂණවලින් අනාවරණය වූ කරුණු සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් ලබා ගැනීම වැදගත් වනු ඇති බව ද කාරක සභාවේ මතය විය.

එමෙන්ම යාචකයන් වැඩි වීමේ ගැටලුව විසඳීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක් අවශ්‍ය බව ද සාකච්ජා විය.
තවද සමාජ සේවා විෂයට අදාළ පොදු විෂයන් හා කාර්යයන් සහිත ආයතන සියල්ල එක් අමාත්‍යාංශයක් යටතේ පැවතීමේ අවශ්‍යතාව ද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව අවධාරණය කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණගේ සභාපතිත්වය යටතේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රැස්විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *