යළි එන්නත් විස වෙයි… දරුවන් 11ක් රෝහලේ…!

July 15, 2024 at 9:18 am | by emanisa.lk

පාසල් දරුවන් පිරිසකට මිහින්තලේ රෝහලෙන් ලබාදුන් එන්නතක් හේතුවෙන් පාසල් සිසුන් එකළොස් දෙනකු ආසාධ්‍ය තත්වයට පත්ව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබේ.

මෙසේ එන්නත ලබා ගැනිමෙන් අසාධ්‍ය තත්ත්වයට පත්ව ඇත්තේ මිහින්තලේ අවට ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 06 – 13 ත් අතර වියේ පසුවන සිසු පිරිසකි.

මෙම සිසුන් ඊයේ සෙම් රෝගය හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනිම සදහා මිහින්තලේ රෝහලට ගිය අවස්ථාවේ ලබාදුන් එන්නතක් විස වීමෙන් ඔවුන් ආසාධ්‍ය තත්වයට පත්ව ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.

මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් උතුරු මැද පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයාගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් ආරම්භ කොට ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *