යහපාලන විදෙස් ආයෝජන කතා පට්ටපල් බොරු! ඇවිත් තියෙන්නේ හිඟන්නෝ! ආයෝජනයෙන් 90%ක්ම ලංකාවෙන් ණයට දීලා!

December 2, 2019 at 2:02 pm | by emanisa.lk

පසුගිය රජය සමයේ මෙරටට විදේශ බොහෝ ආයෝජන ලැබුණ බව පැවසුවත් ඒ සියල්ල අසත්‍ය බවත් ඒ සම්බන්දව සොයා බැලිමක් ආරම්භ කර ඇති බවත් රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

එය විමර්ශනයකට වඩා ජනතාව දැනුවත් කිරිමක් බවද රඹුක්වැල්ල පැවැසිය. ඔහු මේ බව පැවැසුයේ ඊයේ (01) පස්වරුවේ මහනුවරදි පැවැති මාධ්‍ය හමුවකදිය.

හම්බන්තොට තෙල් පිරිපහදුව ඩොලර් මිලියන 23 ක දැවැන්ත ආයෝජනයක් බව පසුගිය රජය පැවැසුවත් මේ වන විට දැනගන්නට ඇති පරිදි එවන් මුදලක් මෙරටට ලැබී නොමැති බවද ඇමතිවරයා පැවැසිය.

විදෙස් අයෝජකයන් මුළු ආයෝජනයෙන් 10% ක් මෙරටට ගෙනවිත් ඉතිරි මුදල් ලංකාවේ බැංකුවලින් ලබා ගැනීම සිදුව ඇති බවත් ඔහු පැවැසීය.

ශ්‍රී ලංකාවේ බැංකු තුළඇත්තේ මෙරට ජනතාවගේ මුදල් හෙයින් ආයෝජකයින් පැමිණෙනවා නම් අදාළ ව්‍යපෘතිය සඳහා අවශ්‍ය මුළු මුදලම ගෙන ආ යුතු බවත් ඔහු පැවැසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස