පසුගිය රජය විසින් 2019 වසරේදී විවිධ සේවාවන් ලබා ගෙන සැපයුම්කරුවන්ට නොගෙවූ මුදල රුපියල් බිලියන 240.7 ක් බව අගමැති මහින්ද රාජපක්ෂ පෙරේදා පැවැති කැබිනට් රැස්වීමේදී අනාවරණය කර ඇත.
එම මුදලින් බිලියන 196.6 ක් වර්තමාන රජය විසින් ගෙවා දැමූ බවද පැවැසූ අගමැතිවරයා තවත් බිලියන 44.1 ක් ගෙවිය යුතුව ඇතැයි ප්‍රකාශ කළ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ඇමැති බන්දුල ගුණවර්ධන ඊයේ ( 04) ප්‍රකාශ කළේය.
පොහොර සහනාධාරය සඳහා පෞද්ගලික සැපයුම්කරුවන්ට රුපියල් බිලියන 15 ක්, රජයේ පොහොර සමාගම්වලට බිලියන 08 ක්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී සහනාධාරය සඳහා රුපියල් බිලියන 45.8 ක්, වෛද්‍ය සැපයීම් සහ අනෙකුත් සෞඛ්‍ය සේවා සඳහා බිලියන 31 ක්, අධ්‍යාපන අංශ සේවා සඳහා බිලියන 01 ක්, අනෙකුත් අමාත්‍යාංශ දෙපාර්තමේන්තු සඳහා බිලියන 20 ක්, පුනරාවර්තන සේවා වෙනුවෙන් ගෙවීමට තිබූ බවද ඇමැතිවරයා ඇමැති මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කීවේය.