යහපාලන යුගේ මැච් පැරදුණාට සේවකයන් බඳවා ගැනීමෙන් කප් ගහලා! අවුරුදු 05ට සේවකයන් 1306ක් බඳව ගෙන!

November 8, 2020 at 1:05 pm | by emanisa.lk

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට 2015 සිට 2020 දක්වා කාලය සඳහා ස්ථිර හා කොන්ත්‍රාත් සේවකයන් 1306ක් බඳවාගෙන ඇත. ඉන් වැඩිම පිරිසක් බඳවාගෙන ඇත්තේ කොන්ත්‍රාත් පදනම මතය.

මේ කාලය ඇතුළත කොන්ත්‍රාත් සේවකයන් 1174ක් බඳවා ගෙන ඇති අතර ස්ථිර සේවකයන් ලෙස බඳවා ගෙන ඇත්තේ 132කි.

මේ අතරින් වැඩි ම සේවකයන් පිරිසක් බඳවා ගෙන ඇත්තේ 2016 වසරේ වන අතර ඒ පිරිස 266කි. අඩුම ප්‍රමාණයක් බඳවා ගෙන ඇත්තේ 2020 වන අතර එම ප්‍රමාණය 166කි.

එම කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගට ම දැවැන්ත පරාජයන් ලැබුව ද ක්‍රිකට් ආයතනයේ සේවකයන් බඳවා ගැනීම අතින් නම් කප් ගසා ඇතැයි මේ අනුව පැහැදිලි වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස