යහපාලන කාලේ ශිෂ්‍ය වෘත්තීය සමිති පෙළපාලිවලට ගැහුව පොලිසියට රු. ලක්ෂ 26ක තෑගි….!

January 25, 2021 at 8:16 am | by emanisa.lk

යහපාලන ආණ්ඩුව සමයේ සරසවි සිසුන් හා වෘත්තීය සමිති ඇතුළු විරෝධතාකරුවන්ගේ උද්ඝෝෂණ හා පෙළපාළි 111කට ජල ප්‍රහාර එල්ල කරමින් මර්දනය කළ පොලිස් නිලධාරීන්ට තෑගි ලෙස රුපියල් විසිපන් ලක්ෂ හතළිස් නවදහසක් ගෙවා ඇත. පොලිස් මූලස්ථානය මගින් මෙම මුදල් ගෙවා තිබේ.

මෙම මුදල ගෙවා ඇත්තේ පසුගිය 2015-2019 වර්ෂවල කැරලි මර්දනය හා ජල ප්‍රහාර එල්ල කිරීම වෙනුවෙනි. එම කාලසීමාවේ පැවති උද්ඝෝෂණ ව්‍යාපාර 1653කින් උද්ඝෝෂණ 111කට ජල ප්‍රහාර එල්ල කර විසුරුවා හැරීම වෙනුවෙන් මෙම මුදල ගෙවා ඇත.

එක් වතාවක දී ජල ප්‍රහාරයක් එල්ල කිරීම වෙනුවෙන් රු. 6000ක දීමනාවක් ලබා දී ඇත.

වත්මන් රජය බලයට පත් වූ පසු කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මෙන්ම උද්ඝෝෂණය කිරීමට වෙන් කළ ගාලු මුවදොර භූමියේ පමණක් උද්ඝෝෂණ 104ක් ද පෙළපාළි 58ක් හා සත්‍යග්‍රහ 03ක් පැවතුණ ද කැරලි මර්දන නිලධාරීන් ඊට කිසිදු පහරදීමක් කර නැතැයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අනාවරණය කරයි.

එම කාල සීමාවේ බස්නාහිර පළාත පුරා උද්ඝෝෂණ 314ක් හා පෙළපාළි 80ක්ද, සත්‍යග්‍රහ 15ක්ද, උපවාස 06ක් පවත්වා ඇත.

එහෙත් මෙම වකවානුවේ ජල ප්‍රහාරක රථ මගින් කැරලි මර්දන නිලධාරීන් යොදවා පහරදීමක් කර නැති නිසා කිසිදු ත්‍යාග මුදලක් ගෙවීමට සිදු වී නැත.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස