යහපාලන කාලේ වගේ නෙමෙයි, මද්‍රාසා පාසල් දැඩිව අධීක්ෂණය කරනවා! – ජි.ඇල්. පීරිස්

November 20, 2020 at 7:49 pm | by emanisa.lk

මද්‍රාසා පාසල්වල උගැන්වීමට වීසා ඉල්ලමින් විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණෙන අය පිළිබඳව දැඩිව අධීක්ෂණය කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් පවසයි.

ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන විසින් පාර්ලිමේන්තුවේදී යොමු කළ පැනයකට පිළිතුරු ලබාදෙමිනි.

එසේ පැමිණෙන පුද්ගලයන්ගේ පසුබිම, අතීත හැසිරීම සොයා නො බලා පාසල්වල උගැන්වීමට යෙදවීම වගකීම විරහිත ක්‍රියාවක් බවත්, ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ බුද්ධි අංශ එම පුද්ගලයන්ගේ තොරතුරු සොයා බැලීමට කටයුතු කළ යුතු බවත්, එම පාසල්වල උගන්වන පාඨමාලා, සිසුන් බඳවා ගන්නා ආකාරය ඇතුළු කරුණු අධ්‍යාපන අමාත්‍යංශය විසින් අධීක්ෂණය කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ සමයේ සිට මද්‍රාසා පාසල්වල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් විධිමත් යාන්ත්‍රණයක් ක්‍රියාවට නැංවූ බවත්, යහපාලන රජය එය අඩාල කර දැමූ බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස