බුද්ධි අංශ නිලධාරීන් හිරේ දාන්න මෛත්‍රීගේ අත්සන හොරට ගහලා!!

October 15, 2020 at 8:58 am | by emanisa.lk

ත්‍රස්තවාදී පනත ප්‍රකාරව හමුදා බුද්ධි නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යොදා ඇති අත්සනෙහි වෙනස්කම් නිරීක්ෂණය වන බව හිටපු ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කරයි.

ප්‍රදීප් එක්නැලිගොඩ පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධව යුද හමුදා බුද්ධි අංශ විශ්‍රාමික නිලධාරී ඩිලංජන් උපසේන 2015 සැප්. 8 වන දින අත්අඩංගුවට ගෙන දින 90කට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ගැනීමට අවසර දෙමින් ආරක්ෂක අමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යොදා ඇති අත්සනෙහි මෙම මෙම වෙනස්කම් නිරීක්ෂණ කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස