යහපාලන කාලේ ඉන්ධන මිල වැඩි කළා කියල අපි විරෝධතා කළේ නෑ….! – කාංචන…

July 19, 2021 at 9:16 pm | by emanisa.lk

යහපාලන රජය සමයේ දී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ විපක්ෂය ඉන්ධන මිළ ඉහල දැමීමට එරෙහිව විරෝධතා නොපැවැත්වු බව රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර අවධාරණය කරයි.

විපක්ෂය එදා පාපැදිවලින් පාර්ලිමේන්තුවට පැමිණ විරෝධය පෑවේ, යහපාලන ආණ්ඩුව සමයේ රටේ ඉන්ධන හිඟයක් ඇති වී ඉන්ධන පෝලීම් ඇති වීමට බව ද ඇමැතිවරයා අවධාරණය කළේ ය.

අමාත්‍ය උදය ගම්මන්පිළට එරෙහි විශ්වවාසභංග යෝජනාව පිළිබද විවාදයට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේ ය.

අද (19) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් කාංචන විජේසේකර මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *