යහපාලන ඖෂධ හොරකම් ගැන මම CIDයට පැමිණිලි කළා…! NMRA දත්ත ඊට පස්සේ ඉබේ මැකුණා වෙන්න බෑ…!

September 24, 2021 at 9:59 pm | by emanisa.lk

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී ගියේ තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලෙන් පසු වීම ඉතා ම සැකකටයුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ පවසයි.

2015 – 2019 කාලය තුළ සිදු වූ ඖෂධ මිල දී ගැනීම් සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීම සඳහා තමන් එලෙස පැමිණිලි කර තිබූ බව ඔහු අනාවරණය කරයි.

2021 අප්‍රේල් මස 06 වෙනිදා තමා මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බවත් ඊට පසු හදිසියේ ම දත්ත මැකී ගියේ නිකම්ම විය නොහැකි බවත් මධුර විතානගේ ප්‍රකාශ කරයි.

අද (24) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *