යහපාලන ඇමති 30ක් නිල නිවාසවල බලෙන් ලගී! ඉවත්වෙන්න ලබා දුන් මාස තු ඉකුත් වී මාසයයි!

March 8, 2020 at 7:20 am | by emanisa.lk

ඉකුත් යහපාලන ආණ්ඩුවේ හිටපු ඇමතිවරුන් තිස්දෙනකු මෙතෙක් නිල නිවාස ලබා දී නොමැති බව පැවසේ.

මෙම නිවාස නැවත ලබා ගැනීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වෙයි.

ඇමතිවරුන්ට රජය විසින් ලබා දෙන නිලනිවාස ආපසු භාර දීමට මාස තුනක කාලයක් රජය විසින් ලබා දෙන අතර මේ වන විට එම කාලය අවසන් වී ඇති බව අනාවරණය වේ.

මෙම නිවාස යළි භාර දෙන ලෙස ඉල්ලීම් කර ඇතත් ඔවුන් ඒවා නොසලකා හැර ඇතැයි අමාත්‍යාංශ නිලධාරියෙක් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස