යහපාලන ඇමති විදුලි ව්‍යාපෘතියකට අනුමැතිය දෙන්න කෝටි 50ක් අරන්!

June 25, 2020 at 3:43 pm | by emanisa.lk

පසුගිය ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරයෙක් සූර්යබල ව්‍යාපෘතියක් අනුමත කිරීම සඳහා රුපියල් කෝටි පනහක මුදලක් ලබාගෙන ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් පවසයි.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී විෂය භාර ඇමැති මහින්ද අමරවීර ඉදිරිපිටදීම මේ බව කී සභාපතිවරයා තමා මේ හෙළිදරව්ව කරන්නේ ඉතාම වගකීමෙන් යුතුව බවද පැවසීය.

පසුගිය 23 වැනිදා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයට පැමිණි ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු මේ බව පැවසූ බවත් ඔහු සඳහන් කළ පරිදි අදාළ ඇමැතිවරයාගේ අනුගාමිකයකුට මෙම කෝටි පනහක මුදල ලබාදී සූර්ය බල ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලබාගෙන ඇති බවත් සභාපතිවරයා මෙහිදී සඳහන් කළේය.

මෙම සිද්ධිය වූ කාල වකවානුවේදී තෝරාගත් පිරිසකට පමණක් සූර්ය බල විදුලි ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලබාදී ඇති බවත් එවකට එම විදුලි ඒකකයක් රුපියල් 22ක් වැනි මුදලකට මිලදී ගත් බැවින් රුපියල් කෝටි 50ක් වැය කළ ද අධික ලාභයක් ලැබීමට එම ව්‍යාපාරිකයන්ට හැකිවී ඇති බවක් සභාපතිවරයා සඳහන් කළේය.

සූර්ය බල විදුලි ඒකකයකින් පවා විදුලිබල මණ්ඩලයට රුපියල් දහයකට අධික පාඩුවක් විඳීමට සිදු වූයේත් අවසානයේ මණ්ඩලය පාඩු ලබන ආයතනයක් බවට පත්වූයේත් මෙවැනි දූෂිත පාලකයන් නිසා බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

– aruna

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස