ප්‍රබල ඇමතිවරු හත්දෙනෙක් යහපාලන දූෂණ සොයන ජනපති කමිටුව ඉදිරියට!

June 23, 2019 at 9:48 am | by emanisa.lk

යහපාලන ආණ්ඩුවේ සිටි ප්‍රබල ඇමැතිවරුන් දෙදෙනකු හා වර්තමාන එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවේ සිටින ප්‍රබල ඇමැතිවරුන් පස් දෙනකු ප්‍රශ්න කිරීම සඳහා ළඟදීම ජනාධිපති කොමිසමට කැඳවීමට නියමිත බව වාර්තා වේ.

යහපාලන ආණ්ඩුව 2015 බලයට පත් වූ පසු 2018 දෙසැම්බර් දක්වා කාලය තුළ රජයේ සිදුවූ බව කියන දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් පැමිණිලි භාර ගැනීම සඳහා පත් කළ විශේෂ ජනාධිපති කොමිසම ඇරඹූ පැමිණිලි දහයක පමණ පරීක්ෂණ මේ වනවිට අවසන් අදියරට පැමිණ තිබේ.

එසේ සාක්ෂි සටහන් කර ගෙන පරීක්ෂණ අවසන් අදියරට පැමිණ ඇති පැමිණිලි සඳහා එවකට එම අමාත්‍යාංශවල ඇමැතිවරුන් ලෙස කටයුතු කළ රිෂාඩ් බදියුදීන්, අකිල විරාජ් කාරියවසම්, රාජිත සේනාරත්න, පී. හැරිසන්, ලක්ෂ්මන් කිරිඇල්ල, දුමින්ද දිසානායක, රංජිත් සියඹලාපිටිය යන අය කොමිසමට කැඳවීමට නියමිතය.

මේ වනවිට අවස්ථා දෙකකදී ඇමැති අකිල විරාජ් කාරියවසම්ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට දන්වා ඇතත් ඔහු නොපැමිණීම නිසා සිතාසි නිකුත් කර ඇති බව කොමිසමේ ප්‍රකාශකයකු සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස